Monday, April 21, 2025
Home » පිටස්තර පිරිමින් 50කට බිරිය දූෂණය කිරීමට සහාය දුන් සැමියාට වසර 20ක සිරදඬුවම්
ප්‍රංශය කැලඹූ ස්ත්‍රී දූෂණ නඩුව

පිටස්තර පිරිමින් 50කට බිරිය දූෂණය කිරීමට සහාය දුන් සැමියාට වසර 20ක සිරදඬුවම්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

දශකයකට වැඩි කාලයක් පුරා පිටස්තර පිරිමින් 50 දෙනකුට සිය බිරිය දූෂණය කිරීමට ඉඩ සලසා එය වීඩියෝ ගත කර නිල් චිත්‍රපට වෙබ් අඩවියකට අලෙවි කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට ප්‍රංශ අධිකරණයකින් වසර 20ක උපරිම සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය ප්‍රංශයෙන් වාර්තා වූ විශාලතම සමූහ ස්ත්‍රී දූෂණ නඩුව වන අතර, ප්‍රධාන වරදකරු වූ ඩොමිනික් පෙලිකෝට් වසර 20කට සහ සෙසු විත්තිකරුවන්ට සුළු සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම චෝදනාවට වරදකරුවන් වී සිටි තවත් විත්තිකරුවන් පිරිසක් සිරදඬුවම් කාලසීමා අවසන් කිරීමෙන් පසු නිදහස් වී ඇතැයි ද වාර්තා වේ.

දූෂණයට ලක්වී ඇත්තේ ගිසෙල් පෙලිකෝට් නමැති කාන්තාවක් වන අතර, සැමියා විසින් ඇයට මත් ද්‍රව්‍ය ලබා දී ඇය දූෂණය කිරීමට පිටස්තර පිරිමින් ගෙන්වා ගත් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. නඩු තීන්දුවෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ගිසෙල් පෙලිකෝට් නඩු විභාගයේදී සහාය දැක්වූ සියලු පාර්ශ්වලට ස්තූතිය පළ කර ඇති අතර, සැමියාට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව පිළිබඳ කිසිදු කනගාටුවක් නැති බවත් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT