ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් ලොව පුරා සතියක කාලයක් විවිධ ප්‍රචාරක කටයුතු සිදුවන අතරතුර පාකිස්තානයේ බලුකිස්තාන ජාතික ව්‍යාපාරය විසින් රටවල් රැසක විරෝධතා රැලි සංවිධාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන හමුදාවෙන් බලුකිස්තානයේ ජනතාවට සිදුවන විවිධ හිංසන හා අකටයුතුකම්වලට එරෙහිව එම විරෝධතා රැලි පැවැත්වෙන බවත්, නෙදර්ලන්තයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති විරෝධතා රැලියට අතිවිශාල පිරිසක් සහභාගි වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පුද්ගල ඝාතන, පැහැරගෙන යෑම්, අතුරුදන් කිරීම් සහ කාන්තාවන්ට සිදුවන විවිධ හිංසනවලට එරෙහිව කටයුතු කරන මෙන් පාකිස්තාන රජයට බල කරන ලෙස නෙදර්ලන්ත රජයෙන් ඉල්ලා සිටීමට එම විරෝධතා රැලිය පවත්වා ඇති අතර, මේ පිළිබඳ ලිපියක් නෙදර්ලන්තයේ ආරක්ෂක ඇමැති රුබෙන් බ්‍රෙකල්මන්ස්ට භාර දී ඇතැයි ද වාර්තා වේ. පාකිස්තාන හමුදාව විසින් සිදු කරනු ලබන බව කියන හිංසනයට සහ අකටයුතුකම්වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු බවත්, ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේදී එවැනි හිංසන මැඬ පැවැත්වීමට ලොව සියලු රටවල් ඒකරාශී විය යුතු බවත් විරෝධතාවට එක්වූ බලුකිස්තාන ජාතිකයන් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.