Tuesday, April 8, 2025
Home » SLINTEC, මාස 12ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8ක්

SLINTEC, මාස 12ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8ක්

by mahesh
December 20, 2024 1:00 am 0 comment

සභාපති තිලාන් විජේසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය තුෂාර වජිර පෙරේරා

2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්‍රමාණය ග්‍රැෆයිට් පදනම් කර ගත් SLINTEC පේටන්ට් බලපත්‍රය මගින් අබුඩාබි සමුද්‍රීය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක් SLINTEC ස්වාභාවික සායම් පේටන්ට්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධනයට දායක වෙයි.

පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කර ඇත. 2022 සැප්තැම්බර් මස සිට, ආයෝජන බැංකුකරුවකු සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් (Public-Private Partnerships) හෙවත් PPPs පිළිබඳ විශේෂඥයකු වන තිලාන් විජේසිංහ මහතා SLINTEC ආයතනයේ සභාපති ධුරයට පත්වූ අතර, අ‍ෙමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc., ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු මෙන්ම MAS සමාගමේ නවෝත්පාදන සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයකු ද වූ වෛද්‍ය තුෂාර වජිර පෙරේරා මහතා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වූයේය. එතැන් සිට එම ආයතනය, ගෝලීය ඇගයීමට සහ තිරසර මූල්‍යමය පදනමක් දක්වා වේගයෙන් ගමන් කරමින් මෙරට කර්මාන්ත නවෝත්පාදනය සඳහා අවශ්‍ය කැපීපෙනෙන දායකත්වයන් රැසක් ලබා දීමට සමත් වී තිබේ.

2023 වසරේ SLINTEC ආයතනයේ නායකත්වයේ සිදු වූ වෙනස්කම්වලට පෙර, එම ආයතනයේ වසර 16 ක ඉතිහාසය තුළ වාණිජකරණය කර ඇත්තේ පේටන්ට් නිෂ්පාදන සහ නවෝත්පාදන 07 ක් පමණි. එය සාමාන්‍යයක් ලෙස වසරකට 02කට ද අඩු ප්‍රමාණයකි. තවද, 2022 වසර දක්වාම SLINTEC ආයතනය දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන්නේය. වසරක් හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විද්‍යාඥයන් 80 කට අධික ප්‍රමාණයක් එම ආයතනය හැර ගිය අතර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතා ආදී අභියෝග රැසක් අතර ප්‍රමුඛ වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT