Home » නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

by chanaka
December 20, 2024 8:14 pm 0 comment

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය.

අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදුකරමින් පවතින බවත් මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්‍රකාශනයන් මගින් තහනම් යෝජනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තොරතුරු මහජනතාවට සැමවිටම තහවුරු කරමින් ලබා දෙන බවයි.

මහ බැංකුව විසින් නිකුත් කළ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ආයතන පහතින්.

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Mark-Wo International (Pvt) Ltd
  4. V M L International (Pvt) Ltd
  5. Fast3Cycle International (Pvt) Ltd
  6. Sport chain app, Sport chain zs society Sri Lanka
  7. Onmax DT
  8. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
  9. Fastwin (Pvt) Ltd.
  10. Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.
  11. Ride to Three Freedom (Pvt) Ltd.
  12. Qnet
  13. Era Miracle (Pvt) Ltd and Genesis Business School
  14. Ledger Block
  15. Isimaga International (Pvt) Ltd.
  16. Beecoin App and Sunbird Foundation
  17. Windex Trading
  18. The Enrich Life (Pvt) Ltd
  19. Smart Win Entreprenuer (Private) Limited
  20. Net Fore International (Private) Limited / Netrrix

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT