Wednesday, April 23, 2025
Home » සමෘද්ධි නිලධාරියාගේ ඝාතනයට අසල්වැසියෙක් ඇතුළු දෙදෙනක් අත්අඩංගුවට

සමෘද්ධි නිලධාරියාගේ ඝාතනයට අසල්වැසියෙක් ඇතුළු දෙදෙනක් අත්අඩංගුවට

by chanaka
December 20, 2024 7:51 pm 0 comment

බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

ඝාතනයට යොදාගත් T56 ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවකු වන බවත් ඔහු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා නොහොත් බබා නැමැති 32හැවිරිදි එක්දරුපියකි.

ඝාතනයට ලක්කු පුද්ගලයා පවුලේ අයවලුන් සමඟ ඉකුත් 14වෙනි දින වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සාදයක් පවත්වා රාත්‍රී 11.15 ට පමණ සාදය නිමකර බිරිඳ සහ කුඩා දරුවාද සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී නාගහවත්ත කැලෑබද ප්‍රදේශයකදී මාර්ගය අයිනේ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු එක වරම මාර්ගයට පැමිණ මෝටර් රථයේ ඉදිරිපස රියදුරු අසුන දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි .

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද සමෘද්ධි සහායකවරයා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT