Wednesday, April 23, 2025
Home » දින 10ක් තුළ සහල් වැටලීම් 578ක්

දින 10ක් තුළ සහල් වැටලීම් 578ක්

by chanaka
December 20, 2024 7:44 pm 0 comment

පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා මහතා පැවසුවේ ඇතැම් ස්ථාන කිහිපයක වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා වැටලීම් සිදුකළ බවය.

එමෙන්ම පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් ඌනතා මට්ටමක් පැවැතියද මේ වන විට එම ඌනතාව සඳහා පිළියම් යොදමින් පවතින බැවින් මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බව නිරීක්ෂණය වී ඇතැයිද ඔහු පවසයි.

ඔහු පැවසුවේ, සහල් ආනයනය දීර්ඝ කර ඇති බැවින් උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සහල් හිඟතාවයකින් තොරව සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවය.

මේ අතර, උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බවත් මේ අනුව තොග සහ සිල්ලර වෙළඳාම් සම්බන්ධවද වැටලීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT