Sunday, April 20, 2025
Home » නිසි සැලසුමකින් විදේශ රැකියා අඩුපාඩු මගහරවනවා

නිසි සැලසුමකින් විදේශ රැකියා අඩුපාඩු මගහරවනවා

by chanaka
December 19, 2024 4:22 pm 0 comment

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත, ඉහළ ප්‍රතිලාභ සහිත සතුටුදායක විදේශ රැකියා ලබාදීම සදහා විදේශ රැකියා අමාත්‍යාංශයේ වගකිම බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා සදහන් කරයි.

පවතින සැකසුම තුළ බොහෝ අඩුපාඩු පවතින අතර ඒවා නිසි සැලසුමක් සහිතව මඟහරවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියාසිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ඊයේ (18) කාර්යාංශයේ දී පැවති සාකච්ඡාවක දීය.

එහිදී විදේශ රැකියා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඊට ලබාදිය හැකි විභව විසඳුම් පිළිබඳව ද සාකච්ඡා විය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය සුගත් යාලේගම, ප්‍රසාද් පියසේන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පි සේනානායක යන මහත්වරුන් ඇතුලු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් එක්වි සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT