Sunday, April 20, 2025
Home » යාපනයේ මී උණ වැළඳුණු රෝගීන් 112 දක්වා ඉහළට

යාපනයේ මී උණ වැළඳුණු රෝගීන් 112 දක්වා ඉහළට

by yasara
December 19, 2024 4:10 pm 0 comment

මේ වන විට යාපනයේ මී උණ වැළදුණු රෝගීන් සංඛ්‍යාව 112 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආරුමුගම් කේතීස්වරන් මහතා අද ( 19)  දා ප්‍රකාශ කළේය.

එම රෝගීන් යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලේ පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර ඒකකයේ රදවා ප්‍රතිකාර කරගෙන යන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

රෝගය පාලනය කර ගැනීම පිණිස මේ වන විට යාපනයේ පුද්ගලයින් 8264 කට ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති අතර රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු නොකඩවා සිදු කෙරෙයි.

මේ අතර වසංගතයක් මෙන් පැතිරෙන මී උණ රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන්  තවත් පියවර කීපයක් ගැනීම සදහාත්  රෝගය පැතිර යාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම පිණිසත් කොළඹ සිට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් තුනක් යාපනයට පැමිණීමට නියමිතව තිබේ.

යාපනයේ මී උණ රෝගය පැතිරීම හා ගවයින් අතර යම් සම්බන්ධයක් ඇති බවට සෞඛ්‍ය නිලධාරීන්ට විශාල සැකයක් ඇති වී තිබෙන අතර කොළඹ සිට එක් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණෙන්නේ ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කිරීමට බවද යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මී උණ හේතුවෙන් මේ වන විට යාපනයේ හා මුලතිව් ප්‍රදේශ වල පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT