Home » කැනේඩියානු මහ කොමසාරිස් සහ සබරගමුව ආණ්ඩුකාරවරිය අතර හමුවක්

කැනේඩියානු මහ කොමසාරිස් සහ සබරගමුව ආණ්ඩුකාරවරිය අතර හමුවක්

by yasara
December 19, 2024 4:02 pm 0 comment

සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ කැනේඩියානු මහ කොමසාරිස් Eric Walsh අතර හමුවක් අද(19) රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.

එහිදී සබරගමු පළාතේ මැණික්, සංචාරක, අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා වූ ප්‍රවේශයන් පිළිබඳව අවධානය යොමු විය.

සබරගමුව විශ්වවිද්‍යාලය ඇතුළු පළාතේ අධ්‍යාපනය පද්ධතිය නගාසිටුවීමට අදාල වන ඉදිරි වැඩ පිළිවෙල ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

සබරගමුව පළාත තුළ පවතින විභවයන් රටේ සංවර්ධන ක්‍රියාවලිය හා බද්ධ කිරීම සඳහා වූ ක්‍රමෝපායන් පිළිබඳවද මෙහිදී අවධානයට ලක් විය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ලේකම් දර්ශන සමරසේකර, සහකාර ආණ්ඩුකාර ලේකම් ඉසුරි රත්නායක, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි ඉන්දිරානි ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT