Home » අනාරක්ෂිත විදුලි රැහැනක් නිසා දියණියකට දිවි අහිමි වෙයි

අනාරක්ෂිත විදුලි රැහැනක් නිසා දියණියකට දිවි අහිමි වෙයි

by yasara
December 19, 2024 3:46 pm 0 comment

නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්‍රදේශයේදී ගැහැණු දරුවෙකුට ඊයේ (18) රාත්‍රී කාලයේදී විදුලි සැර වැදී පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නවගත්තේගම පොලිසිය සඳහන් කරයි.

මියගිය දැරිය වයස අවුරුදු 14ක් වූ ඉහලකුරුකැටියාව නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියණියකි.

අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්‍රෙන්ඩරයකට විදුලිය ලබා ගෙන එය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT