කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුණ ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමින දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බව ආණමඩුව ආත්තිකුලම ගොවින් පවසයි.
ගොවින් පවසන්නේ මෙවර මහ කන්නයෙ වගා කල කුඹුරු වල කිරී වදිමින් ඇති ගොයම මෙසේ දහස් ගනනින් රංචු ලෙස කඩා වදින පක්ෂීන් පැය කිපයකින් වනසා දැමිම සිදුවෙන බවයි.
එසේ පක්ෂීන්ගෙන් ආරක්ෂා කර ගැනිමට අලුයම කුඹුරට පැමිණ නැවත උදේ 9 පමණ වන විට නිවෙස් වෙත ගොස් ආපසු සවස තුන පමන වන විට පැමිණ සවස හය වන තුරු රැදි සිට නිවෙස් යාමට සිදුවී මෙම ගොවින් මහත් වේදනාවෙන් පවසයි
ගොවින් පවසන්නේ වල් අලින්ගෙන් සිදුවන හානි වලට අමතරව රිලවුන්,මොනරුන්, වල් ඌරන් ,ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම බැට කමින් වගා කරමින් ඇති තත්වයක් මෙසේ පක්ෂීන් දහස් ගනණක් තම කුඹුරු වැනසීම බරපතල කරුණක් වී ඇති බවයි.
මෙම කුඩා පක්ෂීන්ගෙන් මේ වන විට බරපතලම ගැටළුවට මුහුණ දී ඇති ආත්තිකුලමට ගම්මානයෙ පිහිටි වී වැව,සියඹලාවැව,දේවාල වැව,ගොමවැව,තරණගහවැව යන වැව් යටතේ වගා කර ඇති අක්කර 150 ක පමණ කුඹුරු යායකින් කිරි වදිමින් ඇති කුඹුරු වලට බව ගොවින් පවසයි.