Sunday, April 20, 2025
Home » ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලි බල මණ්ඩලයේ දැවැන්ත ව්‍යාපෘති රැසකට ඩොලර් මිලියන 15‍0ක් දෙයි

ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලි බල මණ්ඩලයේ දැවැන්ත ව්‍යාපෘති රැසකට ඩොලර් මිලියන 15‍0ක් දෙයි

by chanaka
December 19, 2024 3:21 pm 0 comment

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම අද(19) සිදු විය.

මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්ඡා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු කෙරුණි.

මෙම ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියේ ස්ථායිතාවය වැඩිදියුණු කිරීම සදහා අත්‍යවශ්‍ය ව්‍යාපෘති ගණනාවක් සිදුකිරීමට සැලසුම් කර ඇත.

එසේම ඉදිරියේදී රට තුල ඉදිකිරීමට නියමිත විශාල ප්‍රමාණයේ පුනර්ජනනීය ව්‍යපෘති පද්ධතිය වෙත එක්කර ගැනීම සදහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක්ද මෙම ණය මුදල හරහා ඉදිකිරීමට නියමිතව ඇත.

ඒ අනුව නව ග්‍රිඩ් උපපොළවල් 6 ක් ඉදිකිරීම, 87 km දිග ද. වො. 132 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම, 45 km දිග ද. වො. 220 සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම සහ දැනට පවතින ග්‍රිඩ් උපපොළවල් දෙකක ධාරිතාව වැඩි කිරීම මෙම ව්‍යාපෘති හරහා සිදු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, මිලියන 7.5 ක් වු පාරිභෝගික සංඛ්‍යාවකට විදුලිය බෙදා හරියි. බෙදාහැරිම් පද්ධතිය හා විදුලි බලාගාර සම්බන්ධ කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ ජාලය කිමි 3400 ක් වු සම්ප්‍රේෂණ රැහැන් මා ර්ග හා ග්‍රිඩ් උපපොළ 90 කින් සමන්විත වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT