Home » මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා

මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා

by sachintha
December 19, 2024 1:15 am 0 comment

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කර ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ද එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් ද කථානායකවරයා විසින් නිවේදනය කළේය. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් මුදල් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වේ.

ස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT