Home » කාලගුණික හේතු නිසා සහල් මිල වෙනස් විය හැකියි

කාලගුණික හේතු නිසා සහල් මිල වෙනස් විය හැකියි

-සජබ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක

by sachintha
December 19, 2024 1:21 am 0 comment

යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් උච්චාවචනය වීමට හැකියාව තිබෙන බව සමගිජන බලවේගයේ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

සමගි ජන බලවේගයේ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

ගොවි ජනතාවගේ ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය, ආහාර සැපයීමේදී ඇතිවන ප්‍රශ්න පිළිබඳව කතා කළ ප්‍රධාන කණ්ඩායමක් තමයි වර්තමාන ආණ්ඩුව හොබවන ජාතික ජන බලවේග කණ්ඩායම. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව සහ සහන මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් තමයි ජාතික ජන බලවේගය දේශපාලන වේදිකාවලත් වැඩිපුර කතා කළේ. නමුත් ජනාධිපතිවරයා තීන්දු තිරණ ගන්නේ රටේ ප්‍රධාන සහල් මෝල් හිමියන්ගේ අවශ්‍යතාවය මත බව පසුගියදා අපිට දකින්න ලැබුණා.

යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් උච්චාවචනය වෙන්න හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් රට තුළ විශාල සහල් මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 75ත් 80ත් අතර මිලකට. මෙලෙස ගන්න වී කිලෝවකින් සහල් නිෂ්පාදනය කළ හැක්කේ සියයට 65ක් වගේ ප්‍රමාණයක්. ග්‍රෑම් 650ත් 750ත් අතර ප්‍රමාණයක්. ඒ අනුව වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 80ට නම් සහල් කිලෝවක් හදන්න වී කිලෝ 1.5ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 120ක පමණ මුදලක් වැයවෙනවා. සහල් කිලෝ එකක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරන්න රුපියල් 170ත් 180ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව සියයට 35ක 40ක වගේ ප්‍රමාණයක දළ ලාභයක් සහල් ව්‍යාපාරය හරහා ලබාගන්න හැකියාව තිබෙනවා.

නමුත් මෙවැනි දළ ලාභයක් ව්‍යාපාරිකයන්ට ලබාගන්න නොහැකියි. ඒත් සහල් ව්‍යාපාරය තුළ මෙය සිදුවෙනවා. සහල් කිලෝව වෙළෙඳපොළ තුළ විකිණෙන්නේ රුපියල් 230ක් වගේ මුදලකට.

සිල්ලර වෙළෙන්දාට සහල් කිලෝවකින් රුපියල් 5ක ලාභයක් තිබුණාට රුපියල් 170ත් 180ත් අතර අධික ලාභයක් සමඟ නිෂ්පාදනය කළ සහල් වෙළඳපොළට දාන්නේ රුපියල් 215ට 220ට. වෙළෙඳපොළේ රුපියල් 215ට 220ට අලෙවි වෙන්නේ රුපියල් රුපියල් 160ත් 170ත් අතර මුදලකට නිෂ්පාදනය වෙන සහල්.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT