Home » දකුණු චීන මුහුදේ හමුදා අභ්‍යාසයකින් පිලිපීන-චීන අර්බුදය දිග්ගැස්සෙයි

දකුණු චීන මුහුදේ හමුදා අභ්‍යාසයකින් පිලිපීන-චීන අර්බුදය දිග්ගැස්සෙයි

by sachintha
December 19, 2024 1:18 am 0 comment

අමෙරිකානු සහ ජපාන හමුදා කණ්ඩායමක් පිලිපීනය සමඟ ඒකාබද්ධව දකුණු චීන මුහුදේ හමුදා අභ්‍යාසයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිලිපීන නාවික කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් යුතුව සිදුකළ එම හමුදා අභ්‍යාසය පිලිපීනය සහ චීනය අතර දකුණු චීන මුහුදේ උද්ගත වී ඇති උණුසුම් වාතාවරණය ඉහළ නැංවීමට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ සහ ජපානයේ හමුදා සහභාගිත්වය ඇතිව පිලිපීනය විසින් සංවිධාන කරනු ලැබූ එම හමුදා අභ්‍යාසය සිදු කර ඇත්තේ පසුගියදා පිලිපීන නාවික යාත්‍රා කිහිපයකට චීන නාවික හමුදාවෙන් හානි සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. දකුණු චීන මුහුදේ කටයුතු සම්බන්ධව ජපානය ද චීනය සමඟ මතභේදයකට පැටලී සිටින බවත්, පිලිපීනයට හමුදාමය සහ මූල්‍යමය සහාය ලබා දීමට ජපානය ඉදිරිපත්වීම චීනයට කළ අනතුරු ඇඟවීමක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT