Monday, April 21, 2025
Home » වෙඩි වැදුණු වලසා හිස මත වැටී දඩයක්කරු මරුට

වෙඩි වැදුණු වලසා හිස මත වැටී දඩයක්කරු මරුට

by sachintha
December 19, 2024 1:17 am 0 comment

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනාන්තරයකදී දඩයමේ ගිය පිරිසක් ගසකට නැඟුණු වලසකුට වෙඩි තැබීමෙන් පසු එම වලසා හිස මත ඇද වැටිමෙන් දඩයක්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ මියගොස් ඇත්තේ වර්ජිනියා ප්‍රාන්තයේ ලුනෙන්බර්ග් වනගත ප්‍රදේශයේ දඩයමේ ගිය කණ්ඩායමක සාමාජිකයකු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දඩයක්කරුවන් පිරිස වලසා ලුහුබැඳ යෑමේදී ජීවිතය බේරා ගැනීමට වලසා අසල තිබූ ගසකට නැඟ ඇති අතර, පසුව දඩයක්කරුවකුගේ වෙඩි පහරින් ගසින් ඇද වැටී ඇත්තේ ඒ මොහොතේ අඩි 10ක් පහළින් සිටි තවත් දඩයක්කරුවකුගේ හිස මතට බව වාර්තා වේ.

එම අනතුරින් 58 හැවිරිදි ලෙස්ටර් හාවි නමැති දඩයක්කරු බරපතළ තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කිරීමට පෙර ජීවිතක්ෂයට පත්වූ බව වර්ජිනියා ප්‍රාන්තයේ වනජීවී සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT