Monday, April 21, 2025
Home » පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට

පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට

by sachintha
December 19, 2024 1:16 am 0 comment

මේ වසර අවසානයට පෙර ඉන්ධන මිල සංශෝධනය කිරීමේ තීරණයකට අනුව පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන රුපියල් 252.10ක් ලෙස දැනට පවතින පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවනු ඇති බවත්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.05කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 3.32කින් පහළ යනු ඇතැයි මීට පෙර වාර්තා වුවද, පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට රජයේ අවධානය යොමුවී ඇති බව පාකිස්තානයේ ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්‘ පුවත් සේවය ඊයේ වාර්තා කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීම දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින පාකිස්තානයේ උද්ධමනය තවදුරටත් ඉහළ යෑමට හේතුවනු ඇති බවත්, දැනටමත් කරච්චි ඇතුළු නගර රැසක ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකි තත්ත්වයක පවතින බවත් පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය මාස කිහිපය ඇතුළත කරච්චි නුවර තක්කාලි සහ ලූණු මිල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති අතර, එරට ජනතාවට සිය දෛනික ආහාර වේල කළමනාකරණය කරගත නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT