Home » ඝාතනය ඩොලර් ලක්ෂයක යුක්රේන කොන්ත්‍රාත්තුවක්
රුසියාවේ හමුදා ජෙනරාල්

ඝාතනය ඩොලර් ලක්ෂයක යුක්රේන කොන්ත්‍රාත්තුවක්

-අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක්

by sachintha
December 19, 2024 1:15 am 0 comment

රුසියාවේ රසායනික සහ ජීවවිද්‍යාත්මක ආරක්ෂණ හමුදාවේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම සම්බන්ධව සැක කටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. අත්අඩංගුවට පත්වී ඇත්තේ 29 හැවිරිදි උස්බෙකිස්තාන ජාතිකයකු බව රුසියාවේ විමර්ශන කමිටුව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තමා යුක්රේන විශේෂ බළකායට බඳවා ගත් පුද්ගලයකු බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇතැයි ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.

පසුගිය අඟහරුවාදා උදෑසන මොස්කව් නුවර නේවාසික හමුදා නිවාස සංකීර්ණයේ සිට හමුදා ජෙනරාල්වරයා සහ ඔහුගේ සහායකයා පිටතට පැමිණෙමින් සිටියදී බෝම්බ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ අතර, අසල නවතා තිබූ විදත් ස්කූටරයක එම බෝම්බය සවි කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය විය.

තමා මොස්කව් නුවරට පැමිණියේ එම ප්‍රහාරය සිදු කිරීමට බව සැකකරු විමර්ශකයන්ට ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා ඩොලර් ලක්ෂයක් ලබා දීමට සහ යුරෝපා රටක පදිංචිවීමට අවස්ථාව ලබා දෙන බවට යුක්රේනයේ බලධාරීන් පොරොන්දු වූ බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. රසායනික ආරක්ෂණ හමුදාවේ ජෙනරාල්වරයා යුද අපරාධකරුවකු බවත්, විශේෂ මෙහෙයුමකින් ඔහු ඝාතනය කිරීමේ වගකීම භාරගන්නා බවත් යුක්රේන බලධාරීන් පෙරේදා නිවේදනය කළ බව ද මොස්කව් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT