Monday, April 21, 2025
Home » ගාල්ලේ ආදරවන්තයෝ තුන්දින සටනට ගිවිස ගනිති

ගාල්ලේ ආදරවන්තයෝ තුන්දින සටනට ගිවිස ගනිති

by mahesh
December 18, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

‘ආදරවන්තයින්ගේ සටන’ ලෙස හැඳින්වෙන ගාල්ල මහින්ද සහ රිච්මන්ඩ් දෙවිදුහල් අතර සංවිධාන කෙරෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන වසරේ සිට තුන්දින තරගයක් ලෙස පැවැත්වීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා ගාල්ල මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේ දී සිදු කෙරිණි.

ලබන වසරේ අප්‍රේල් මස 3 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම් වන 120 වැනි තරගයේ සිට ඉදිරියට මේ තරගය තෙදින තරගයක් වනු ඇත.

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා, රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පී.එස්. පුෂ්පකුමාර යන මහත්වරුන් මෙන්ම මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් දේශාන් රත්නායක සහ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් චම්ලි කුලවර්ධන යන මහත්වරු මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මහින්ද විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලීන් තරංග නන්දසිරි පරණගම සහ රිච්මන්ඩ් විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතියේ ලේකම් උදාර අලස් මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට සාක්ෂි වශයෙන් අත්සන් තැබූහ.

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මහින්ද විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දන සහ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහත්වරුද මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT