රුපියල් තිස් ලක්ෂයක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයකු කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් පාදිලියාතුඩුව ප්‍රදේශයේ නිෙවසක සිටියදී පෙරේදා (16) අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලීසිය පවසයි.
සතියකට පමණ පෙර මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ සම්බන්ධකම් පැවැත්වූ අය පිළිබඳව තොරතුරු හෙළි කරගෙන ප්‍රධාන සැකකරු කොටු කර ගැනීමට හැකි වූ බවත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින නිසා අදාළ සැකකරු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලීසිය කියයි. කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, මංගල වික්‍රමනායක සහ සහකාර පොලිස් අධිකාරි සුභසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක පතිරණ, පොලිස් සැරයන් ලයනල් (33516) පොලිස් කොස්තාපල්වරුන් වන ගුණසේකර (228) පුබුදු (101944), සිල්වා (103492), වීරතුංග (101972), කුමාර (103884) රියැදුරු මධුශංක (105528) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබති.