32
කොළඹ – මහනුවර මාර්ගයේ වේවැල්දෙණිය, තිත්වැල්මංකඩ වංගුවේදී ඊයේ (17) අලුයම ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි. කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක් මෙසේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරැළී ඇත. රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලීසිය සැක කරයි. අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර දොඹකර තුනක් යොදා ගනිමින් ලොරි රථය ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය කටයුතු කළේය. මීට දින තුනකට ඉහත ද පොහොර කන්ටේනරයක් මෙම ස්ථානයේම ප්‍රපාතයට පෙරළී තිබිණ. නිට්ටඹුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.