Home » ඉංගිරියේ තරුණ තරුණියෝ නාච්චිමලේ දොළ වටා පරිසරය පිරිසුදු කරති

ඉංගිරියේ තරුණ තරුණියෝ නාච්චිමලේ දොළ වටා පරිසරය පිරිසුදු කරති

by mahesh
December 18, 2024 1:00 am 0 comment

හොරණ සමූහ - මංගල ප්‍රසන්න

ඉංගිරිය, නාච්චිමල කලාපයට පැමිණෙන ඇතැම් පිරිස් විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය නිසා මේ ප්‍රදේශයට ඇතිවන හානිය අවබෝධ කර ගත් ඉංගිරිය තරුණ සේවා නිලධාරී චින්තක මහේස් ගංකන්ද මහතා ඇතුළු යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාවේ කළුතර දිස්ත්‍රක් කාර්යාලය සමඟ එක්ව පසුගියදා නාච්චිමලේ දොළ ආශ්‍රිත කලාපය පිරිසුදු කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වීය. මේ සඳහා ඉංගිරිය පොලිස් ස්ථානය, හොරණ ප්‍රාදේශීය සභාව, ඉංගිරිය අඩවි වන කාර්යාලය, ඉංගිරිය සිංහ සමාජය, යෞවන සමාජය, දිස්ත්‍රික් මණ්ඩලය සහ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වය ද ලැබී තිබිණි. මෙම ශ්‍රමදානය තුළින් පරිසරයට එකතු වී තිබූ පොලිතින් ඇතුළු නොදිරණ කැළිකසළ විශාල ප්‍රමාණයක් එකතු කෙරුණු අතර එය විධිමත්ව බැහැර කිරීම ද හොරණ ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT