Monday, April 21, 2025
Home » ‘සිහින’ සාමාජිකයෝ 21දා උදෙන්ම ආදරය අරන් තල්රුප්පාවට යති

‘සිහින’ සාමාජිකයෝ 21දා උදෙන්ම ආදරය අරන් තල්රුප්පාවට යති

by mahesh
December 18, 2024 1:00 am 0 comment

පුෂ්පකුමාර ජයරත්න

සීමාවෙන් ඔබ්බට ගොස් සමාජයට ධනාත්මක බලපෑමක් ඇතිකිරීමේ අරමුණින් ‘සිහින’ නමින් ආරම්භ කෙරුණු සමාජ ජාල සංවිධානය, මෙරට වෙසෙන සිංහල හා දමිළ ප්‍රජාවන් අතර සංස්කෘතික සහ සමාජ ඒකාග්‍රතාවක් වර්ධනය කිරීම සඳහා මෙම මස 21 සහ 22 දෙදින යාපනයේ සංචාරය කිරීමට නියමිතය. ‘ආදරය අරන් තල්රුප්පාවට’ යනුවෙන් සංවිධානය කර ඇති මෙම සංචාරය සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාවේ දකුණේ පදිංචි සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන්ගේ සහභාගිත්වයෙන් යුත් 100 දෙනකු සහභාගි වීමට නියමිතය. මේ සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ වෘත්තීන්වල නිරතවූවන් මෙන්ම සිවිල් සංවිධාන සාමාජිකයන් හා මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වෙති. යාපනය බලා යන ‘සිහින’ සාමාජිකයන් පිළිගැනීමේ උත්සවයක් 21දා පෙරවරුවේ යාපනය දුම්රිය ස්ථානයේ දී සංවිධානය කර ඇති අතර ඉන්පසුව යාපනය කොඩ්ඩඩි නමසිවායා විදුහලේදී පැවැත්වෙන සුහද හමුවේදී දකුණේ සිට රැගෙන යන දේශීය කැවිලි වර්ග උතුරේ දේශීය කැවිලි සමඟ හුවමාරු කරගැනීමේ සංස්කෘතික හුවමාරු අවස්ථාවක්ද සංවිධානය කර තිබේ.

පසුව යාපනය නාග විහාරය, නල්ලූර් කෝවිල සහ මුස්ලිම් දේවස්ථානය යන ස්ථානවල සංවිධානය කර තිබෙන ආගමික කටයුතුවලට ද, යාපනය පුස්තකාලයේ සහ යාපනය මුහුදු වෙරළේ පැවැත්වෙන සංස්කෘතික හුවමාරු වැඩසටහනකට ද සහභාගි වීමට නියමිතය. මෙම සංචාරය සඳහා සම්බන්ධ වී සිටින යාපනයේ ජනතාවගේ ද සහයෝගය ඇතිව යාපනය කොටුව සහ මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සමඟ පැළ රෝපණය කිරීමක් ද සැලසුම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT