උත්සව සමය ආරම්භ වීමත් සමඟ සෞඛ්‍යයට අහිතකර වන අන්දමින් ආහාර ද්‍රව්‍ය විකිණීම, ගබඩා කිරීම හා ප්‍රදර්ශනය කිරීම සිදු කළ වෙළෙඳුන් 19දෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. දිවුලපිටිය, බඩල්ගම සහ වල්පිට යන ප්‍රදේශවලදී මෙම වෙළෙඳුන් 19 දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සෞඛ්‍යයට ඉතා අහිතකර වන ලෙස ශීතකරණ තුළ අමු මස් සමඟ පිසූ ආහාර වර්ග ගබඩා කර තිබීම හා මැස්සන්ට නිරාවරණය වන පරිදි ආහාර විවෘතව තැබීම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය විකිණීම යන චෝදනා යටතේ වෙළෙඳුන් පස්දෙනකු හට නඩු පැවරීම සිදු කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පැවසූහ. ඊට අමතරව වෙළඳුන් 14දෙනකු හට පවතින අඩුපාඩු නිවැරදි කර ගැනීමට උපදෙස් හා අවවාද ලබා දෙමින් අවසන් නිවේදන නිකුත් කළ බවත්, ඔවුන්ගේ වෙළෙඳසල් තුළ තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය එම ස්ථානවලදීම විනාශ කර දැමීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගත් බවත් සෞඛ්‍ය කාර්යාලය කියා සිටියි. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙළෙඳසල් පරීක්ෂා කළ අයුරු මෙහි දැක්වේ.
සෞඛ්‍යවත් නොවන ආහාර විකිණීම-ගබඩාව-ප්‍රදර්ශනය කළ වෙළෙන්දෝ 19ක් මාට්ටු
by mahesh
December 18, 2024 1:00 am
0 comment
මිනුවන්ගොඩ සමූහ ටෙඩී කිර්ති
37
මීලඟ පුවත