Saturday, April 19, 2025
Home » ධම්මරතන හිමිගේ ජන්ම දිනයට ගැබිනි මාතාවන් 40කට තෑගි

ධම්මරතන හිමිගේ ජන්ම දිනයට ගැබිනි මාතාවන් 40කට තෑගි

by mahesh
December 18, 2024 1:00 am 0 comment

දෙහිවල - ඩී.පී. හේරත්

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ 86 වැනි ජන්ම දිනය වෙනුවෙන් ගැබිනි මාතාවන් 40දෙනකුට මාතෘ හා ළදරු උපකරණ පරිත්‍යාග කිරීම ඉකුත් 15 වැනි දින විහාරස්ථ ශ්‍රී සෝමරතන විශ්‍රාම ශාලාවේදී සිදු කෙරිණි. මේ සඳහා මූල්‍යමය දායකත්වය ලැබී ඇත්තේ සිංගප්පූරුවේ බොදු පුස්තකාලයේ බැතිමතුන්ගෙන් බව විහාරාධිපති හිමියෝ අනුශාසනාව පවත්වමින් සඳහන් කළහ. බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙම දීමනාව සඳහා ගර්භිණී මාතාවන් හඳුන්වා දී තිබේ. පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව පෝෂණ ද්‍රව්‍ය හා උපකරණ පරිත්‍යාග කෙරිණි. උප විහාරාධිකාරී, ගෞරව ශාස්ත්‍රවේදී බෙල්ලන්විල සංඝරතන හිමියන්ගේ උපදෙස් මත විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය ඇතුළු සෙසු සමිතිවල කාර්ය මණ්ඩල විසින් මෙය සංවිධානය කරනු ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT