35
මතුගම ‘දිවියට සවියක් සංවිධානය’ මඟින් වාර්ෂිකව සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන්වලට සමගාමීව, 2024 වසරේ අවසන් වැඩසටහන ලෙස මතුගම ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතුවලට දක්ෂතා දක්වන පාසල් සිසු සිසුවියන් පිරිසකට අභ්‍යාස පොත්, පාසල් පාවහන්, පොත් බෑග් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්, මතුගම වැලිමානාන ලක්සිරි නිවාඩු නිකේතනයේ දී පසුගියදා පැවැත්විණි. 2018 වසරේ ආරම්භ කළ දිවියට සවියක් සංවිධානය වාර්ෂිකව විවිධ ප්‍රජාසත්කාර වැඩසටහන් පවත්වා ඇති අතර මෙවර ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ බව එම සංවිධානයේ නිලධාරීහු පවසති.