ඩුබායිහි රැඳී සිටිමින් හංවැල්ල හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව භීෂණයක් පතුරුවමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින ලලිත් කන්නන්ගර නමැති පාතාල අපරාධකරුගේ ගෝලයන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පෙරේදා (16) හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායෙන් නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත හංවැල්ල පොලිස් වසමේ නෙළුම් පෙදෙස මාර්ගයේදී සහ ආනන්දපුර, ජල්තර මාර්ගයේදී කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 770ක් ද සමඟ අත්අඩංගුවට ගත් අවුරුදු 27 සහ 31 වයසේ පසුවන ජල්තර, රණාල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීහු වැටලීමට එක්වූහ.