Home » සිළුමිණ නව කර්තෘ උදේනි වැඩ භාරගනී

සිළුමිණ නව කර්තෘ උදේනි වැඩ භාරගනී

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ඊයේ (17) ආරම්භ කළේය.

දශක තුනකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වීමට පෙර ඉරිදා මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන උදේනි සමන් කුමාර මහතා ලංකාදීප පුවත්පතේ ද මාධ්‍යවේදියකු වශයෙන් සේවය කර ඇත. අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය අංශවලද උදේනි සමන් කුමාර මහතා සේවයේ නිරතව සිට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT