Home » මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කළා

මහ මැතිවරණ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කළා

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

by mahesh
December 18, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා ඊයේ (17) සිට ප්‍රසිද්ධියට පත් කළ බවත්, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයෙන් එම වාර්තා පරීක්ෂා කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර දීමට දී තිබූ කාලය පසුගිය දෙසැම්බර් 6 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර ඒ කාලය අතරතුර දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් 7,412 දෙනකු ආදායම් වියදම් වාර්තා භාර දී තිබෙන බවද සභාපතිවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT