අධ්‍යාපනයේ අලුත් දිශානතීන් වෙත යොමු කර ඉදිරි කාලය තුළ දී පෙර පාසල් විධිමත් සංවර්ධනයකට ලක් කළ යුතු බවත් 502,269ක් දරුවන් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන තුළ අධ්‍යාපනය ලබමින් සිටින බවත් කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසුවාය.
රට පුරා පවතින පෙර පාසල් නියාමනය සඳහා වැඩපිළිවෙළක් නොමැති බවට කරුණු ඉදිරිපත් කරමින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව පැවසීය.
ඇමැතිවරිය තවදුරටත් මෙසේද පැවසීය.
සහකම්පනයෙන්, මෘදු කුසලතාවලින් සහ පරිකල්පනයෙන් යුක්ත දරුවෙක් නිර්මාණය සඳහා වන අලුත් වැඩසටහනක් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.
දැනට සේවයේ නියුතු පෙර පාසල් පාලිකාවන් නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.
පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතීන් අනුව පමණක් නොව, නම් වශයෙන් ද දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලෙස විවිධ නම්වලින් හඳුන්වනවා. මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය කරනුයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන්.
මෙම මධ්‍යස්ථාන පාලිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් නියාමනයන් තුළදී ඩිප්ලෝමා ලබාදීමේදී පැහැදිලි එකඟතාවක් වෙත පැමිණිය යුතුයි. එය ව්‍යුහාත්මක කාරණාවක් වන අතර එය ජාතික අධ්‍යාපනයත් සමඟ කේන්ද්‍රගත කළ යුතු ස්ථානය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.