Home » මන්ත්‍රීවරුන් ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය වෘත්තීන්ගෙන් හැඳින්වීම සුදුසු නෑ

මන්ත්‍රීවරුන් ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය වෘත්තීන්ගෙන් හැඳින්වීම සුදුසු නෑ

මන්ත්‍රී දිලිත් ජයවීර

by mahesh
December 18, 2024 1:00 am 0 comment

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් කුමන වෘත්තියක් නියෝජනය කළ ද පාර්ලිමේන්තුව තුළ හැඳින්වීමේදී ආචාර්ය, මහාචාර්ය වෛද්‍ය වැනි එම වෘත්තීන් අනුව හැඳින්වීම ඉදිරියේදී සිදු නොකරන ලෙසට යෝජනා කරන බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

නව කථානායකවරයා ලෙස පත්වූ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සුභපැතුම් පිරිනමමින් ඒ මහතා මේ බව පැවසීය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

එකිනෙකා සතු වෘත්තීන් අදාළ වන්නේ ඒ ස්ථානවලට බැවින් එම තනතුරු නාමයන් පාර්ලිමේන්තුව තුළ භාවිත නොකරන ලෙසට මා යෝජනා කරනවා.

මම යෝජනාවක් වශයෙන් මම කියන්න කැමතියි මෙවර මේ ප්‍රශ්නය මතු වුණු ආකාරයත්, ඒ පසුබිමත් සලකා වගේම අනෙකුත් කරුණුත් සලකා අපේ මේ මන්ත්‍රීවරුන්ට නම ඉදිරියෙන් තිබෙන ආචාර්ය, මහාචාර්ය, කථානායකතුමා වෛද්‍යවරයෙක්. මේවා වෘත්තීන්. මම හිතනවා මේ සභාව ආමන්ත්‍රණයේදී මේවා සියල්ල අපි ඉවත් කළොත් අපේ නිර්ධනපාන්තික දේශපාලනයටත් හොඳයි. මේ පාර්ලිමේන්තුවේ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා.

මහාචාර්යවරයා අදාළ වන්නේ විශ්වවිද්‍යාලයට, වෛද්‍යවරයා අදාළ වන්නේ රෝහලට. මම යෝජනාවක් හැටියට කරනවා අපි මේ සභාව තුළ එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී මේ ඉදිරියෙන් තිබෙන කෑලි ටික ඉවත් කර ගත්තා නම් හොඳයි කියලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT