Home » මන්ත්‍රී අර්චුනාට යාපනේ රෝහල තහනම්

මන්ත්‍රී අර්චුනාට යාපනේ රෝහල තහනම්

බේත් ගන්න මිස ආවොත් පොලීසියට!

by mahesh
December 18, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම හැරුණු කොට, නිසි හේතුවක් සඳහන් නොකර යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ දරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලීසියට භාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා රෝහල් ආරක්ෂක අංශයට පෙරේදා (16) උපදෙස් දී ඇත. යම් විටක අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට සූදානම් වුව හොත් පෙරළා ඔහුට පහර නොදෙන ලෙසත්, රෝහල් ගේට්ටු වසා ඔහු අල්ලා පොලීසියට දැනුම් දෙන ලෙසත් රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස්වල සඳහන්ය.

මෙසේ ආරක්ෂක අංශ නිලධාරීන් දැනුවත් කිරීමට මුල් වී ඇත්තේ අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා යාපනය ශික්ෂණ රෝහලට කඩාවැදී නොසන්සුන් හා ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නැවතත් එවැනි සිදුවීමක් නොවීමට වග බලා ගැනීමක් වශයෙනි. රෝහල් අධ්‍යක්ෂවරයාටද ඔහු එවර තර්ජනය කරමින් රාජකාරියට බාධා කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා යාපනය පොලීසියට පැමිණිල්ලක්ද කළේය. ඒ සම්බන්ධයෙන් පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීම මත අධිකරණයේ කැඳවීමකට අනුව අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පෙරේදා (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී අධිකරණය රුපියල් ලක්ෂයක ඇප මත ඔහු මුදාහරිමින් නියෝග කළේ රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමකින් තොරව රොහල් පරීශ්‍රයට ඇතුළු නොවන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT