මෙම දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය සමඟ හපුතලය නගරය හා අවට ප්‍රදේශවල දිවා – රාත්‍රී කාලයේ නිරන්තරයෙන්ම මීදුම්වලින් වැසීයන බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙම මීදුම් තත්ත්වය විශේෂයෙන්ම හපුතලය බෙරගල කොටස, හපුතලය ලිප්ටන් ෂිට් හා හපුතලේ ඇඩිෂම් මාර්ගයේ නිරන්තරයෙන්ම දක්නට ලැබෙන බව ද පොලීසිය පැවසීය.
පවතින පාසල් නිවාඩු සමයත් සමඟ කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිට විශාල දේශීය සංචාරකයන් පිරිසක් මෙන්ම විදෙස් සංචාරකයන් ද ඇල්ල, බණ්ඩාරවෙල, බදුල්ල ආදී ප්‍රදේශවලට ගමන් කිරීමේ දී හා ආපසු පිටත්ව යෑමේදී මෙම හපුතලේ ප්‍රදේශය පසුකිරීමට සිදුවේ.
පවතින වර්ෂාවත් සමඟ අධි බෑවුම් සහිත මෙම මාර්ගවල මිදුම් තත්ත්වය සමඟ වාහන ධාවනය අනතුරුදායක බැවින් ප්‍රවේශමෙන් රිය ධාවනයේ යෙදීමට කටයුතු කරන මෙන් හපුතලේ පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.