42
ඉකුත්දා BMICHහිදී පැවැති කැලණිය විශ්වවිද්‍යාලයේ 147 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී ඉකුත්දා පුරාවිද්‍යා විෂයයන් වෙනුවෙන් තිළිණ කෙරුණු ස්වර්ණ මුද්‍රිකා ( Gold Medal) 5ම හිමිකර ගැනීමට සේරුවිල මංගල රජමහා විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හිමියෝ සමත් වූහ. අභිලේඛන හා නාණක විද්‍යාව, ප්‍රාග් සහ පූර්ව ඉතිහාසය, පරිසර පුරාවිද්‍යාව, පුරාවිද්‍යා පර්යේෂණ චින්තනය සහ පුරාවිද්‍යා විෂයයන්හි සමස්තයක් ලෙස දක්වන ලද අධ්‍යයන විශිෂ්ටතාව අගයමින් මේ ස්වර්ණ මුද්‍රිකා තිළිණ කරන ලදී.
නුවන් මහේෂ්