Home » ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන් තායිලන්තයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන් තායිලන්තයේ සංචාරයක

by mahesh
December 18, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන් තායිලන්තයේ පවතින අවස්ථා ගවේෂණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෝටර් රථ උපාංග නිෂ්පාදකයන් දොළොස්දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් බැංකොක්හි සංචාරයක නිරත වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව මේ සංචාරය සංවිධාන කර ඇත.

තායිලන්තයේ දියුණු මෝටර් රථ ක්ෂේත්‍රය පිළිබඳ නියෝජිත පිරිසේ අවබෝධය වැඩිදියුණු කිරීම සහ දෙරට අතර අර්ථවත් ව්‍යාපාරික සහයෝගීතා වර්ධනය කිරීම මේ සංචාරයේ අරමුණ වූ බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ නියෝජිත පිරිසට Lanka Harness Co. (Pvt.) Ltd., Auto Foam (Pvt.) Ltd., Accolade Engineering (Pvt.) Ltd., FRP Technologies (Pvt.) Ltd., M.V Electronic (Pvt.) Ltd., TOS Lanka Co. (Pvt.) Ltd, ඈන් රබර් භාණ්ඩ සහ රොරසිල් (පෞද්ගලික) සමාගම ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාගම්වල නියෝජිතයෝ ඇතුළත් වූහ.

මෝටර් රථ කර්මාන්තයේ නවතම ප්‍රවණතා,නවෝත්පාදන සහ තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තායිලන්තයේ Motor Expo ට සහභාගි වීම මේ සංචාරයේ විශේෂ අවස්ථා විය.

තායිලන්තයේ මෝටර් රථ ප්‍රතිපත්ති,කර්මාන්ත සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කරමින් තායිලන්ත ඔටෝමෝටිව් ආයතනය සමඟ රැස්වීම,SAIC Motor CP, MG වාහන එකලස් කිරීමේ කම්හල, සියම් NSK, සුක්කානම් පද්ධති නිෂ්පාදකයා,වයර් පටි නිෂ්පාදනයට සුප්‍රසිද්ධ Dashing International සහ Thai Smile Group වැනි නිෂ්පාදන ආයතන වෙත ගොස් තායි – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ ජාලකරණ සැසියක් ද පවත්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT