දරු ගැබක් නීත්‍යනුකූල නොවන ආකාරයට විනාශ කළ බව කියන පෞද්ගලික රෝහලක සේවයේ නිරත වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (17) නැවත නියෝග කළාය.
දෙවැනි විවාහයේ සැමියාට හොරා කාන්තාවක විසින් මේ වෛද්‍යවරයා මඟින් සිය දරු ගැබ විනාශ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් දෙවැනි සැමියා විසින් නොවැම්බර් 30 දා කළ පැමිණිල්ලකට අනුව දරු ගැබ විනාශ කරගත් කාන්තාව දෙමටගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කර තිබිණි.
දරු ගැබ විනාශ කිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් පොලීසියට පෙර නඩු දිනයේදී නියෝග කර තිබියදී කාන්තාව පමණක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍යවරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කරන්නේ මේ අවස්ථාවේදීය. අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරිය ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදු කරීමට නියෝග කෙරිණි.