Home » බෝම්බ පිපිරීමකින් හමුදා ජෙනරාල්වරයෙක් මරුදකී
මොස්කව් නුවර

බෝම්බ පිපිරීමකින් හමුදා ජෙනරාල්වරයෙක් මරුදකී

by mahesh
December 18, 2024 1:00 am 0 comment

රුසියාවේ මොස්කව් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් එරට රසායනික හා ජීවවිද්‍යාත්මක ආරක්ෂණ හමුදාවේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හමුදා ජෙනරාල්වරයා නේවාසික ගොඩනැඟිල්ලකට ඇතුළුවීමේදී බෝම්බය පිපිරී ගොස් ඇති අතර, අසළ නවතා තිබු විදත් ස්කූටරයක එය සඟවා තිබූ බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජෙනරාල්වරයා සමඟ ගමන් ගත් සහායකයා ද බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් රුසියානු විමර්ශන කමිටුවේ ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්‍රොන්කෝ සඳහන් කර ඇතැයි වාර්තා වේ. යුද ගැටුම්වලදී තහනම් රසායනික අවි භාවිත කළ බවට යුක්රේනයෙන් චෝදනා එල්ල වී සිටි ජෙනරාල් ඉගෝර් කිරිලොව් යුක්රේනය විසින් සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක් බව එරට කීෆ් අගනුවර ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇති අතර, එම වාර්තාව රුසියාව මෙතෙක් තහවුරු කර නැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රසායනික අවි භාවිතය සම්බන්ධව චෝදනා එල්ල වී සිටි රසායනික හා ජීවවිද්‍යාත්මක ආරක්ෂණ හමුදාවේ ප්‍රධානියාට බ්‍රිතාන්‍ය රජයෙන් සම්බාධක පනවා තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT