අමරපුර සාමග්‍රි සංඝ සභාවේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමියෝ, රාජගිරිය කළපළුවාව ශ්‍රී තපෝවනාරාමයේ දී ඉකුත්දා (26) පැවැති අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාවේ දී තෝරා පත් කරගනු ලැබීය.
අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණේ බණ දහම් හැදැරූ කුල කුමරු වර්ෂ 1962 ජුනි මස 18 වන දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වු ශාසනික පැවිද්ද ලැබුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති යන පැවිදි නාමයෙනි. මෛත්‍රීමූර්ති හිමියෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ ගෞරව උපාධිධරයෙකි.
බුදුගල සෝමරතන හිමි