දියුණු මානවවාදි සමාජයක් සහ උසස් රස වින්දනයකින් හෙබි සංස්කෘතික මිනිසෙකු බිහිකරනු වස් සිය සමාජ වගකීම ඉටුකරමින්, ‘ජපුර හඬ’ විසින් සංවිධානය කරනු ලබන විශ්ව සිනමාවේ කතාබහට ලක්වූ NORTH 24 KAATHAM චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංකථනය දෙසැම්බර් මස 21 වන දින සවස 5.00 ට මහරගම, වත්තේගෙදර හන්දිය (119 පාර) පොලිමැත් අධ්‍යාපන ආයතනයේදී පැවැත් වේ.
ජපුර ආදී විද්‍යාර්ථි ප්‍රියදර්ශන දයාරත්නයන් විසින් මෙහිදී සිනමා විචාරයට මුලපුරයි.
නොමිලයේ ප්‍රදර්ශනය කරනු ලබන මෙම සිනමා පටය නැරඹීමටත්, සෞන්දර්යාත්මක උසස් සිනමා රසාස්වාදයක් විඳ ගැනීමටත්, මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ‘ජපුර හඬ’ කලාකාමී සියලු සහෘද ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිර්ඝාත සමාජයක සංරචක, කළලමය ආකාරයට අතීතයේද වර්තමානයේද ගෝලීය
අත්දැකීම් තුළ පැහැදිලිවම විද්‍යමාන වේ. ඒවා හුදෙක් උපන්‍යාසීය හෝ පරිකල්පනීය ක්ෂේත්‍රයකට අදාළ කරුණු නොවෙයි. තථ්‍ය මනුෂ්‍ය අත්දැකීම් සම්භාරය තුළ, නිර්ඝාත මූලධර්ම මත ක්‍රියාත්මක වන ආධ්‍යාත්මික, දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ආයතන හා භාවිතයන් නිසැක වශයෙන්ම පවතී. දැනටමත් හමුදා රහිත, මරණ දඬුවම රහිත සහ බොහෝ දුරට ආයුධ රහිත සමාජ දක්නට ලැබේ. මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්මට සහ පැවැත්මට තර්ජනයක් වන ගැටළු සහ දුෂ්කරතා විසඳීම සඳහා කැපවූ අහිංසාවාදී සංවිධාන, ආයතන හා ව්‍යාපාර ලෝකයේ පවතී.
වර්තමානයේ හා අනාගතයේ පරිවර්තන ක්‍රියාවන් ගැන සංඥා කරන්නා වූ දැනීමක් නිර්ඝාත ඓතිහාසික ගමන්මග තුළින් ගලා ඒ. නිර්ඝාත ජීවිතවලින් සමන්විත වන්නා වූ මහා උරුමයක් අප සතු ය. අතීතයේද, වර්තමානයේද ජීවත්වූ සහ ජීවත්වන පුද්ගලයින්ගේ ධෛර්යය සහ ඔවුන් ඉටු කළ සුවිශේෂ කාර්යභාරයන් අපට දැනීමද, අනුප්‍රාණයද සපයයි.
(Glenn D. Paige ගේ ‘නෝ කිලිං ග්ලෝබල් පොලිටිකල් සයන්ස්’ නමැති මුල් කෘතියෙන්
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ‘නිර්ඝාත දේශපාලන විද්‍යාව’ යනුවෙන් සිංහලට පරිවර්තිත කෘතියේ 97 වන පිටුව).