වසර 127ක් පුරා ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කළ බවර් සමූහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම, ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී නායකත්ව විශිෂ්ටතා සම්මාන උලෙළේදී විශේෂ පිළිගැනීමට ලක්විය. මෙම සම්මාන උෙලළ දෙසැම්බර් 5 වැනිදා කොළඹ ICT රත්නදීප හෝටලෙය්දී පැවැත්වුණි. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත කාලසීමාවේ සිට රට මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුද කාලසීමාව දක්වා පසුගිය වසර 4ක කාලයක් මුළුල්ලේ බවර් සමූහයට ලබාදුන් සාමූහික නායකත්වය, මෙසේ රොල්ෆ් බ්ලාසර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම ඇගයීමට හේතුවිය. බවර් සමාගමේ වර්ධනය සහ නවෝත්පාදනය වෙනුවෙන් එම කණ්ඩායමේ එකමුතුකම සහ කැපවීම මෙහිදී විශේෂ අවධානයට ලක්වුණි.
බවර් කළමනාකාරීත්වයේ ශක්තිමත්බව, සහයෝගීතාව මෙන්ම අනාගතවාදී චින්තන ප්‍රවේශය ද මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් විය. නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ, කෘෂිකර්මාන්ත – ජානක ගුණසේකර; නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ, සෞඛ්‍යසේවා – නිශාන්ත වීරසිංහ; අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ – අනෝජා බස්නායක; අධ්‍යක්ෂ, මූල්‍ය – පවිත්‍ර සමරසිංහ; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, මානව සම්පත්, පරිපාලන, මිලදී ගැනීම් සහ තිරසරත්ව- කෙන් විජයකුමාර්; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, කෘෂිකර්මාන්ත – නිලංග සමරසිංහ; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධන – දක්ෂිණ හෙට්ටිආරච්චි; ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී, සංචාරක සහ අධ්‍යාපන – ඩැනියෙලා මුණසිංහ; සාමාන්‍යාධිකාරී, සහාය සේවා සෞඛ්‍ය- අනුර වීරසිංහ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, කාර්මික අමුද්‍රව්‍ය- දේවප්‍රිය අර්ථනායක යන මහත්ම මහත්මීහු, බවර් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩයමේ සාමාජිකයෝ වෙති.
මෙම සම්මානය බවර් කළමනාකාරීත්ව කණ්ඩායමේ එකමුතුකම සහ කැපවීම වෙනුවෙන් ලද සුවිශේෂ ඇගයුමක්. අපේ උත්සාහය, හුදෙක් ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකාරීත්වය වීම නොවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳම කළමනාකාරීත්වයක් සැපයීම අපේ අරමුණයි, යනුවෙන් බවර් කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් මහතා අදහස් දැක්වූයේය. රොල්ෆ් බ්ලාසර් ප්‍රමුඛ කළමනාකාරීත්වයේ නායකත්වය යටතේ පසුගිය කාලසීමාව තුළ විශේෂ ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට බවර් සමූහයට හැකි විය. ලොව දැවැන්ත ඖෂධ සමාගම් 10න් අඩක් සමඟ සහයෝගීතාවලට එළඹෙමින්, පසුගිය වසර 4ක කාලසීමාව තුළ පමණක් සමූහයේ සෞඛ්‍ය සේවා ව්‍යාපාර අංශය දෙගුණයකින් වර්ධනය වී තිබේ.