Home » ශීත ඍතුව අරඹමින් කසකස්තානයේ සිට සංචාරකයින් රැගත් මංගල ගුවන් යානය කටුනායකට

ශීත ඍතුව අරඹමින් කසකස්තානයේ සිට සංචාරකයින් රැගත් මංගල ගුවන් යානය කටුනායකට

by yasara
December 17, 2024 11:36 am 0 comment

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය ( Inogaral Flight ) ඊයේ (16 )  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඊයේ  රාත්‍රී 06.00 ට කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එයාර් අස්තානා ගුවන් සේවයේ කේ.සී.- 167 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා එයාර් අස්තානා ගුවන් සේවය , එයාර් බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ .

මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම  දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

ගුවන් යානයෙන් පැමිණි කසකස්තාන ජාතික ගුවන් මගීන් උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් ද පියවර ගෙන තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT