Home » ශකීබ්ට පන්දු යැවීමේ තහනමක්

ශකීබ්ට පන්දු යැවීමේ තහනමක්

by sachintha
December 17, 2024 1:04 am 0 comment

ලොව විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයකු වන බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට දේශීය හෝ විදේශීය ඕනෑම තරගාවලියකට බලපැවැත්වෙන පරිදි පන්දුයැවීමේ තහනමක් පනවා ඇතැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළ බව වාර්තා වේ.

පසුගිය එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේදී සරේ පිල නියෝජනය කළ 37 හැවිරිදි ශකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කිරීමෙන් පසු ඔහුට ප්‍රාන්ත තරගාවලියේ පන්දු යැවීම තහනම් කර ඇති අතර, පසුව පැවති පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයෙන් ද ඔහු අසමත්වී ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පිළිගත් ආයතනයකින් නැවත පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකින් සමත්වනතුරු එම තහනම ක්‍රියාත්මක වන අතර, පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට බාධාවක් නැති බව වාර්තා වේ. මේ වන විට ලංකා ටී10 තරගාවලියේ ගෝල් මාර්වලර්ස් පිල නියෝජනය කරන ශකීබ් අල් හසන් එහිදී පිතිකරුවකු ලෙස පමණක් ක්‍රීඩා කරන අතර, ඉදිරියේදී ඔහු නැවත පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT