Saturday, April 19, 2025
Home » 19න් පහළ දෙදින ක්‍රිකට් නුෂාන්-නිකිල් දස්කම් පෙන්වති

19න් පහළ දෙදින ක්‍රිකට් නුෂාන්-නිකිල් දස්කම් පෙන්වති

by sachintha
December 17, 2024 1:02 am 0 comment

අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වීමට කොළඹ සාන්ත ජෝශප් විදුහලේ නුෂාන් පෙරේරා සමත් වූ අතර, පිත්තෙන් දස්කම් දැක්වූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ වමත් ආරම්භක පිතිකරු නිකිල් ජයවීර මෙවර තරග වාරයේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.

මාතර සාන්ත සර්වේෂස් විදුහලට එරෙහි තරගයේ ඉනිමකදී කඩුලු 8ක් දවගත් නුෂාන් පෙරේරා දෙවැනි ඉනිමේදී කඩුලු 2ක් දවා ගත්තේය. මේ තරගයෙන් සාන්ත ජෝසප් විදුහලට ඉනිමක සහ ලකුණු 74ක ජයක් හිමි විය.

කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහලට එරෙහිව නිකිල් ලකුණු 127ක් රැස් කළේ පන්දු 164කදී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟිනි. තවත් තරගයකදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක කොළඹ ලුම්බිණි විදුහලේ ප්‍රවීන් මනීෂ තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය.

සා. ජෝසප් විදුහලට ඉනිමක ජයක්

සා. සර්වේෂස් පළමු ඉනිම – 108 (ඕවර 54.1) විශ්ව සුපුන් 28, රවීන් කවින්ත 27 (යෙනුල දෙව්තුස 18/4, ඩිහේන් ද සිල්වා 32/3, නුෂාන් පෙරේරා 16/2) සහ දෙවැනි ඉනිම – 48 (ඕවර 21.5) විරාන් චමුදිත 32 (නුෂාන් පෙරේරා 25/8, යෙනුල දෙව්තුස 23/2)

සා. ජෝසප් පළමු ඉනිම – 230 (ඕවර 65.2) අවීෂ සමාෂ් 49, දුනික් පෙරේරා 48, යෙනුල දෙව්තුස 47, සෙනුජ වැකුණුගොඩ 34 (ප්‍රවීන් මධුසංක 67/5, විරාන් චමුදිත 55/3)

 

රිච්මන්ඩ් – සා. බෙනඩික්

රිච්මන්ඩ් පළමු ඉනිම – 220 (ඕවර 71.4) නිකිල් ජයවීර 127, තමිඳු ප්‍රදීප්ත 26, පුබුදු මිහිරංග 22 (මෙවන් දිසානායක 36/4, මාණික්‍ය දේශප්‍රිය 43/2) සහ දෙවැනි ඉනිම – 97/1 (ඕවර 24) තමිඳු ප්‍රදීප්ත නොදැවී 44, නිකිල් ජයවීර නොදැවී 41

සා. බෙනඩික්ට් පළමු ඉනිම – 232 (ඕවර 76.4) ෂාරුජන් ෂන්මුගනාදන් 49, ජනිඳු නන්දසේන 44, මාණික්‍ය දේශප්‍රිය 28, නිර්වාන් ජයතිලක 26, අකේන් පෙරේරා 20 (හිරුක් අකලංක 60/3, පූබුදු මිහිරංග 30/2, මලිත් ද සිල්වා 31/2)

ලුම්බිණි – ගල්කිස්ස සා. තෝමස්

ලුම්බිණි පළමු ඉනිම – 200 (ඕවර 48.1) ඩිනාල් සෙව්මිණ නොදැවී 48, පසිඳු මහීෂ 45, අශාන් ශනිල්ක 42, චානුක සුලක්ෂණ 24 (අභීත් පරණවිදාන 41/3, මිනොන් වර්ණසූරිය 24/2, කවිඳු ඩයස් 37/2, ඒරොන් ද සිල්වා 54/2) සහ දෙවැනි ඉනිම – 164/6 (ඕවර 49) ප්‍රවීන් මනීෂ 65, ගිම්හාන් විජයරූප නොදැවී 25, පසිඳු මහීෂ 22 (අභීත් පරණවිදාන 54/2)

සා. තෝමස් පළමු ඉනිම – 175 (ඕවර 51.2) දිනෙත් ගුණවර්ධන 32, අවිනාෂ් ප්‍රනාන්දු 31, ජේඩ්න් අමරවීර 23 (ප්‍රවීන් මනීෂ 48/5, යශෝද් කවිඳු 27/4) සහ දෙවැනි ඉනිම – 18/0 (ඕවර 4)

ඉසිපතන – දේවපතිරාජ

ඉසිපතන පළමු ඉනිම – 230 (ඕවර 74.4) නවිඳු හෙට්ටිආරච්චි 91, චනුල් දිනෝත් 52, රුචිත් රොද්‍රිගෝ 23 (සඳරු මල්ෂාන් 72/5)

රත්ගම දේවපතිරාජ පළමු ඉනිම – 175/3 (ඕවර 52) යසිරු ලක්ෂාන් නොදැවී 55, අරෝෂ සිතුමිණ 46, මතීෂ සාරංග නොදැවී 40 (මෙනුල සදෙව් 15/2).

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT