සොබා දහමේ අපූරූ නිර්මාණයක් වන මැණික් ගල් තවත් සුවිශේෂී කරමින් පිස්තෝලයක හැඩයෙන් යුත් මැණික් ගලක් රත්නපුර ඇලපාත ප්‍රදේශයේ මැණික් පතලයකින් හමුවි ඇති අතර එය රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් පුද්ගලික කෞතුකාගාරයක තබා තිබේ.
පිස්තෝලයක හැඩයට සමාන මෙම මැණික් ගල මෙයට සති කිපයකට පෙර හමුවි ඇත.
සොබා දහමේ අපූරු නිමැවුමක් පිස්තෝලයක හැඩයෙන් යුත් මෙම මැණික් ගලට අමතරව සුදු කොක්කු දෙන්නෙක් මැණික් ගලක් තුළ සිටින හැඩ රුවකට සමාන මැණික් ගලක්ද මෙම ව්‍යවසායකයා විසින් රත්නපුර ප්‍රදේශයේදි මිලදි ගෙන ඔහුගේ මැණික් කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබේ.
රත්නපුර නන්දන ජෙම් මියුසියම් අධිපති එල්.එල්.ඒ නන්දන මහතාට අයත් මැණික් කෞතුකාගාරය තුළ මේ අපුරු මැණික් ගල් දෙක දක්නට ඇත.
රත්නපුර ඇලපාත ප්‍රදේශයෙ පතලයකින් හමුවුණු පින්ක් සැෆයාර් වර්ගයෙ මැණික් ගල පිස්තෝලයක හැඩයකින් යුත්ය.
මෙම මැණික්ගල නන්දන මහතා මිලදී ගෙන තිබේ. එහි බර කැරට් දහයයි පොයින්ට් විස්සකි.
ඔහු ළඟ තිබෙන අනිත් විශේෂ මැණික්ගල ස්වභාවික නිල් මැණික් ගලකි. එහි සුදු කොක්කු දෙන්නෙක්ගෙ රූප සටහන් දෙකක් ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර තිබෙන බව නන්දන මහතා පැවසිය .
මෙම සුවිශේෂී මැණික්ගල ඔහු රත්තපුර නගරයේදී මිලදීගෙන තිබෙන අතර කැරට් පහයි පොයින්ට් විස්සක්
බරින් යුක්ත වේ.
මෙම අපූරු නිර්මාණය නිසා මෙම මැණික් ගල මෙපමණ මුදලක් වටිනවා යයි මිලක් නියම කළ නොහැකි බවද නන්දන මහතා පැවසීය .