Home » සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 3ක් අද දිවුරුම් දෙති

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 3ක් අද දිවුරුම් දෙති

by sachintha
December 17, 2024 1:55 am 0 comment

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවට නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනාගෙන් තිදෙනකු අද (18) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ප්‍රථම කාර්යය ලෙස සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මුත්තු මොහොමදු මන්ත්‍රීවරු දිවුරුම් දීම සිදු කෙරේ. ඉන් පසුව කථානායක ධුරය සඳහා මහජන නියෝජිතයකු පත් කිරීම සිදු වේ. සමඟි ජන බලවේගය යටතේ අනෙකුත් මන්ත්‍රී ධූරයට නම්කරන ලද නිසාම් කාරියප්පර් මහතා හෙට (19) දින දිව්රුම් දීමට නියමිත අතර එම පක්ෂය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නම් කෙරිණ.

මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කිරීමට මාසයක කාලයක් ගත වූ අතර අදාළ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා ගැසට් කර තිබිණ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT