Home » ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 69 වැනි සංවත්සරය අද: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10කට සම්මාන

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 69 වැනි සංවත්සරය අද: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10කට සම්මාන

by sachintha
December 17, 2024 2:00 am 0 comment

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 69 වැනි සංවත්සරය හා ඩී. එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර උලෙළ අද (17) පස්වරු 3ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය ජනමාධ්‍ය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මේ සම්මාන උලෙළ පැවැත්වීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන පී.බී. ඉලංගසිංහ, තුසිත මලලසේකර, දයා ලංකාපුර, එස්.එස්. සෙල්වනායගම්, එන්.එම්. අමීන්, වී. තනබාලසිංහම්, ඇලෙක්සැන්ඩර් බාලසූරිය, ස්ටැන්ලි සමරසිංහ, උපාලි අරඹවෙල මහත්වරු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශීලා වික්‍රමසිංහ මහත්මියට උපහාර පිදීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.

 

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT