Monday, April 21, 2025
Home » සුළු ජාතීන් හිංසනයට ලක්වූ බව බංග්ලාදේශ රජය පිළි ගනී

සුළු ජාතීන් හිංසනයට ලක්වූ බව බංග්ලාදේශ රජය පිළි ගනී

by sachintha
December 17, 2024 2:00 am 0 comment

ශෙයික් හසීනාගේ නායකත්වයෙන් යුතු අවාමි රජය පසුගිය අගෝස්තුවේ බිඳ වැටීමෙන් පසු සුළුතර ජාතීන්ට එරෙහිව වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා 88ක් වාර්තා වූ බව බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අන්තර්වාර රජයේ ප්‍රධානි මුහම්මද් යූනිස්ගේ මාධ්‍ය ලේකම් ෂෆිකුල් අලාම් තහවුරු කර ඇත්තේ එම සිදුවිම් සම්බන්ධව පුද්ගලයන් 70 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය. වාර්ගික ප්‍රහාරවලට සම්බන්ධ චෝදනා මත එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව අන්තර්වාර රජයේ ප්‍රධානියාගේ මාධ්‍ය ලේකම් එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ මුස්ලිම් බහුතරයක් සිටින රටක සුළු ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පසුගියදා ප්‍රශ්න කිරීමෙන් පසු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය අගෝස්තු 5 වැනිදා සිට ඔක්තෝබර් මස 22 දක්වා කාලය තුළ සුළුතර ජාතීන්ට එරෙහිව එම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවී ඇති අතර, ගාසිපූර් සහ තවත් ප්‍රදේශ රැසක එවැනි සිදුවීම් තවදුරටත් වාර්තා වන බැවින් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT