Tuesday, April 22, 2025
Home » සිරියාවේ නව රජයට එරෙහිව ගැටුමක් නෑ

සිරියාවේ නව රජයට එරෙහිව ගැටුමක් නෑ

-ඊශ්‍රායල අගමැති කියයි

by sachintha
December 17, 2024 1:49 am 0 comment

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ රජය බිඳ වැටීමෙන් පසු ගත වූ කාලය ඇතුළත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරය 800කට වැඩි එල්ල වූවද, සිරියාවේ නව රජය සමඟ කිසිදු ගැටුමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ. එම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ සිරියාවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සහ අසාඩ්ගේ හමුදා කඳවුරු ඉලක්ක කරමින් බව ද ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියානු – ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ස්ථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කිරීමට සිය ආරක්ෂක හමුදාව පියවර ගනු ලැබුවේ ඊශ්‍රායලට එල්ල වන ත්‍රස්ත බලපෑම් අවම කිරීමට බවත්, ඊශ්‍රායලයට බලපෑම් එල්ල කරන සිරියානු ත්‍රස්තවාදීන් තුරන් කිරීම එහි අරමුණ වූ බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT