Home » රතුගල ආදිවාසි නායක ඇමති සමන්ත විද්‍යාරත්න හමුවෙයි

රතුගල ආදිවාසි නායක ඇමති සමන්ත විද්‍යාරත්න හමුවෙයි

by yasara
December 17, 2024 4:34 pm 0 comment

රතුගල ආදිවාසි නායක හා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අතර හමුවක්  ඊයේ (16) දින බත්තරමුල්ල පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ දි සිදුවිය.

මෙහිදී ආදිවාසි නායක විසින්  බිබිල සහ අම්පාර ප්‍රදේශ අතර මැදිව පිහිට ඇති රතුගල ආදිවාසි ගම්මානයේ පවතින ගැටලු පිළිබඳව අමාත්‍යවරයා  දැනුවත් කිරිම සිදුවිය.

එහිදි එම ගම්මානයේ ජනතාව මුහුණපාන ගැටලු හා අනෙකුත් පරිසර ගැටලු සම්බන්ධව අවධානය යොමුකල   අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා  එම ගැටලු හඳුනා ගනිමින්, ඒ සඳහා නිසි සහයෝගීතාව  දීමට අපේක්ෂා කරන බව ආදිවාසි නායකයා හට සඳහන් කළේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT