Monday, April 21, 2025
Home » ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ තිබෙන බහුදින යාත්‍රා දෙක නිදහස් කර දෙන්නැයි ඉල්ලා විරෝධතාවක්

ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ තිබෙන බහුදින යාත්‍රා දෙක නිදහස් කර දෙන්නැයි ඉල්ලා විරෝධතාවක්

by sachintha
December 16, 2024 1:33 am 0 comment

බේරුවල ධීවර වරායෙන් මෙම වසරේ ඉකුත් අප්‍රේල් 10 වැනි දින මුහුදු රැකියාවට ගිය බහුදින යාත්‍රා දෙකක් ඉන්දියාවේ මුහුදු සීමාවට ඇතුළු වීමේ චෝදනාව මත ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් භාරයේ තිබෙන එම බෝට්ටු දෙක නිදහස් කර දෙන ලෙස රජයට බල කරන විරෝධතාවයක් ඊයේ (15) බේරුවල ධීවර වරායේදී පැවැත්විණි. බේරුවරල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය මස්සලගොඩ, බේරුවල ලිපිනයේ පදිංචි සජිත් නමැත්තාට අයත් බෝට්ටුවක් වන ලක්ප්‍රිය 07 0590 KLT හා බලපිටිය ප්‍රදේශයේ පදිංචි චතුර නමැත්තාට අයත් අංක 23279 GLE චතුර 01 නමැති බෝට්ටු දෙකෙන් පුද්ගලයන් 13දෙනකු ඉකුත් අප්‍රේල් 10 වැනි දින පිටව ගොස් ඇති අතර ඔවුන් ඉන්දීය බෝඩරයට ඇතුළු වීම හේතුවෙන් ඉන්දීය වෙරළ ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබ පසුව ඔවුන් එහි අධිකරණයට ඉදිරිපත් කර නිදහස් කර තිබේ. මෙම බෝට්ටු දෙක නිදහස් කිරීම සඳහා ඉන්දීය රජය මඟින් ලිපියක් ලබාදෙන ලෙස පවසමින් හා ධීවර අමාත්‍යාංශයට මෙම බෝට්ටු දෙක නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් බේරුවල හා බලපිටියේ බෝට්ටු හිමිකරුවෝ බේරුවල දී විරෝධතාවයක් සිදුකර පසුව විසිර ගියහ.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT